
යටිනුවර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකය
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව ආරම්භ කරන ලද “සියලුම රාජ්ය ආයතනවල අභ්යන්තර කටයුතු ඒකක පිහිටුවීමේ නව ක්රමවේදය” අනුව, අප ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ ද අභ්යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කර ඇත.
ඒ අනුව, අප ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ සිදුවන යම් අක්රමිකතාවක්, දූෂණ ක්රියාවක් හෝ ඒ සම්බන්ධ චෝදනාවක් පිළිබඳව ඔබට තොරතුරු ලැබී ඇත්නම්, ඔබගේ අනන්යතාව හෙළි කරමින් හෝ නිර්නාමිකව, පහත සඳහන් ක්රමවේද ඔස්සේ අප කාර්යාල පරිශ්රයේ පිහිටි අභ්යන්තර කටයුතු ඒකකය වෙත තොරතුරු හෝ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
තොරතුරු හෝ පැමිණිලි ඉදිරිපත් කළ හැකි ක්රමවේද
- පැමිණිලි පෙට්ටිය මඟින්: ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයේ පිහිටුවා ඇති පැමිණිලි පෙට්ටියට තොරතුරු හෝ පැමිණිලි යොමු කිරීම.
- තැපෑල මඟින්: “අභ්යන්තර කටයුතු ඒකකය”, ප්රාදේශීය ලේකම් කාර්යාලය, යටිනුවර, ඇඹිල්මීගම,පිළිමතලාව යන ලිපිනයට යොමු කිරීම.
- විද්යුත් තැපෑල මඟින්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- දුරකථනය මඟින්: 0812575236
- WhatsApp මඟින්: 0702324200
- QR කේතය මඟින්: ලබා දී ඇති QR කේතය භාවිතයෙන් තොරතුරු හෝ පැමිණිලි ඉදිරිපත් කිරීම.





















